

"ඈත කාමයෙන් මත්වැ ගිය යවටක් වැනි ඇස් ඇති හිරුණිකා යැ... මෑත තම ඡන්ද දායකයන්වත් තම දරුවන් සේම දකින කාරුණික ගම්මන්පිල යැ."
"ඈත රුපියල් ඩොලර් වලට තම ශරීරය පමණක් නොව ආත්මය පවා විකුණන හිරුණිකා යැ... මෑත තනතුරු තානාන්තර පවා අතහරිමින් ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටින ගම්මන්පිල යැ."
"ඈත මගේ තාත්ති, තාත්ති වෙනුවෙන් මම ඈ කියමින් තාත්තාව විකුණන් කන හිරුණිකායැ... මෑත තම ප්‍රතිපත්ති ප්‍රකාශය පවසමින් මතවාදීව කරුණු දක්වන ගම්මන්පිළ යැ."
"ඈත බැලු බැලූවන් ගොං කෑල්ල, බඩුව යයි කියැවෙන හිරුණිකා යැ. මෑත බැලු බැලූවන් ජයවේවා! තෙරුවන් සරණයි! යැයි කියවෙන ගම්මන්පිල යැ."
"එවේලෙහි හිරුණිකා ලංවත්ම ඡන්ද දායකයෝ ලෙයෙහි අත්ගසන්නට වන්හැ... හෝව් හෝව් වැරදුනා, අත්ගසන්නට වන්හැ. බලාසිටියැ නොහෙම්හ යි මුහුණින් හෙන්නට වන්හැ."
- හිරුණිකා දමනය -
මෙය අද මුහුණු පොතේ දුටු හොඳම විහිළුවකි. එයට සම්බන්ද කර තිබූ පින්තුර ඊට හපන් විහිළුවකි. හිරුනිකාගේ හෝ ගම්මන්පිල්ලගේ දේශපාලන සදාචාරය පිලිබඳ මම සඳහන් නොකරන්නේ එය මේ දිනවල යහමින් කරලියේ දිග හැරෙන බැවිනි. එහෙත් තරුණ ස්ත්‍රියක් සහ මැදි වයස් පිරිමියෙක් අවස්ථා දෙකකදී ගත් සේයා රූ ඔවුන්ගේ ඇඳුමින් සසඳා කරන දේශපාලන විහිලුව කෙතරම් හාස්‍යජනකද ? හිරුණිකා බිකිනියක් ඇන්දේ එක්සත් රාජධානියේ තරුණ නිරුපන තරගයකටය; මෙම අවස්තාවම තරුණ ගම්මන්පිල්ලට මීට දශක කිහිපයකට පෙර උදාවුනානම් ඔහුද 6 පැක් පෙනෙන ලෙස යටි කය පමණක් අගල් කිහිපයකින් වැසෙන කලිසමක් අඳිනු ඇත. මෙය හරියට සිංහල සදාචාරය දඩමීමා කරගෙන සුසන්තිකා ඔලිම්පික් අඳින බිකිනිය දෙස සාවද්‍ය දෘෂ්ටියකින් බලා ඇය විවේචනය කිරීමක් හා සමාන අවස්ථාවක් නොවේද? හිරුණිකාගේ අවස්ථාවට, වයසට, සිරුරේ හැඩයට උචිත ලෙස ඇඳීම දෙස වපරැසකින් බලා ඇයගේ දේශපාලනය විවේචනය කිරීම කෙතරම් මන්ද මානසිකත්වයකින් කරන්නාවූ බාල බොළඳ ක්‍රියාවක් නොවේද? අප කවදානම් මෙම පටු මානසිකත්වයෙන් මිදී නිදහස් චින්තනයකට ගමන් කරයිද ?
No comments:
Post a Comment