බොහොමයක්
දෙනෙකුට සීතල උඳුවප් මාසය බෙහෙවින් උණුසුම් හැඟුම් ඇති කරවන මාසයක්. වාර්ෂික
බෝනස්, වසර අග සවාරි, කෙළවරක්
නැති නත්තල් සාද, මීවිතත් සංගීතයත් නැටුමත් මුසු වුන ඩිනර් ඩාන්ස් ආදී
එකී නොකී කාරනා නිසා උදුවප් මාසය බොහොම ජය සතුට පිරුන කාලයක්. එත් මේ සීතල උඳුවප් මාසය මට සිරුර පුරා විදුලියක් මෙන් දිවයන මතක සහිත දුක්බර මාසයක්. මගේ
ලෝකයේ මා දුටු ආදරණීයම මහා වීරවරයා මගේ තාත්තා මටත් නොකියාම යන්න ගියේ මීට
වසර අටකට පෙර උඳුවප් මාසයේ.
මගේ
තාත්තා සහ මා අතර අවබෝදය ඇතිවී තිබෙන්නේ මා කලලයක්ව මගේ ආදර අම්මගේ කුස තුල වැඩෙද්දීමයි . නක්ෂත්ර විද්‍යාවේ මහා පරිනත චරිතයක් වූ මගේ තාත්තා මා ඉපදෙන දිනය බොහෝ කලින් පවසා ඇත්තේ දොස්තර මහතා දුන් දවස සාවද්‍ය කරමින්. මගේ ජන්ම නැකත බලා මා නිසා තාත්තගේ වසර විස්සක ගුරු සේවා රැකියාව නැති වන බව දැන ගෙන උපේක්ෂාවෙන් බලා සිටි අන්දම ඔහුගේ ඔඩොක්කුවේ මා තබාගෙන පසු කලෙක මා සමග පැවසුවා. ඔහුගේ අනාවැකිය සපථ කරමින් මා ඉපදී සතියකින් මගේ තාත්තා විබාග දෙපාර්තුමේන්තුවේ රහස්‍ය අංශයේ මුල් පුටුවට ගිය අන්දමත් එදා සිට පොඩ්ඩී නිසා මට හරි වාසනාවන් යනුවෙන් බොහෝ විට පැවසුවා. එම අදහසින්ම ඔහු තැබූ මගේ නම වාසනාව දෝතින් රැගෙන පැමිණි යහපත් වචන පවසන අරුත්ගැන්වුවා. අනන්ත
අප්‍රමාණ වාරයක් ඔහුගේ තුරුල්ලේ සුරතල් වන්නටත්, එක්දහස් වාර ගණනාවක් ඔහුගේ පිට දිගේ මගේ පා පොඩි තබමින් යන්නටත්, නිමක් නොමැති සිප් සතර ඔහුගෙන් ආභාශය ලබන්නටත් මා වාසනාවන්ත වුවා.
මගේ ප්‍රථම විදේශ NCC සේවාව අතර මගදී තාත්තා බලන්නට ට්‍රාන්සිට් එකකින් Dubai ගොස් Dubai ගුවන්තොටුපලේදී අයහපත් කාලගුණය නිසා සිදුවූ ගුවන් ගමන් ප්‍රමාදයෙන් අතරමන් වෙන්න ඔන්න මෙන්න තිබියදීත් කෙසේ හෝ මම ලංකාවට ආවා. තාත්තගේ ආදර පොඩ්ඩිගේ ආගමනයත් තාත්තාගේ නිසල දේහයේ ආගමනයත් එකම මොහොතක සිදු වීම මා බෙහෙවින් සසල කර වුවක්. මගේ ආදර තාත්තා මට නොකියා හදිසියේම යන්න ගිහින්. ඔබට සුබ ගමනක් ආදර තාත්තේ. මේ සසර දනව්වේ අපි ආයෙත් මුණ ගැසේවි. එත් හදවතේ ගැඹුරුම තැනින් ඔහු පිලිබඳ සෙනෙහස භක්තිය නිබඳවම මා ප්‍රකම්පනය කරනවා.
No comments:
Post a Comment