අපේ වත්ත පහළ කොස් ගස් වලින් නොමිලයේම අපේ මුළු ගමටම කොස්, පොලොස්, වරකා, වැල ගෙඩි සපයනවා. දානයකට, මගුල් ගෙදරකට, මළ ගෙදරකට, දොලදුකකට, වන්දනා ගමනකට, විශේෂ කෑමකට ආදී එකී නොකී බොහෝ අවශ්‍යතා උදෙසා තුන්සිය හැටපස් දවසම අපේ ගමේ කොස් ගස් පොදු වස්තූන්. ඒ විතරක් නෙවෙයි අච්චාරුවකට, මැල්ලුමකට ගමේ පැපොල් ගස් ඕනැම මොහොතක ඕනෑම හිතවතකුට විවෘතයි. ගෙවත්තේ ඉබේ වැවෙන ගොටුකොළ, මුකුණුවැන්න, සාරණ, තම්පලා, නිවිති වගේ එකී නොකී බොහෝ එළවලු, පලතුරු, පලා වර්ග අදටත් අපේ ගම්වල කිසිදු සාත්තුවකින් තොරව සත පහක්වත් නොගෙන ඔබ අප සැමගේ ක්ෂුදාගින්න සනහනවා.

සිය රට දේ සිරි සැප දේ කියන්නේ කට කහනවට නෙවෙයි නේ...


නන්දා මාලිනියගේ භාවාතිශය ගීතයක් වන හීනෙන් මගෙ රටේ නිදියන හැම රෑම . . මේ මොහොතේ සිහිපත් වෙනවා. අඩු වැඩි වශයෙන් එය ඔබ අප බොහෝ දෙනාගේ පොදු සිතිවිල්ලක් නොවේද ?
විලක් උනත් නිල් දිය පිරි විලක් නොවේ - මලක් උනත් සුවඳක් ඇති මලක් නොවේ
සඳක් උනත් පසලොස්වක සඳක් නොවේ - රටක් උනත් මගෙ රට වැනි රටක් නොවේ
නෑවත් වතුර මල යට ඉඳ නළ වතුර - තාමත් සිතින් කිමිදෙමි ගගදිය අතර
කීවත් ගීත මැදපෙරදිග මරු කතර - කාටත් හොරෙන් කියවෙයි පැල් කවි නිතර
සායෙන් හඬන දූ දරුවන් උදෙසාම - ආයෙම් මෙහෙවරට නොරටුන් ලඟ මෙහෙම
බානෙන් බැඳී සිටියත් යදියන් සේම හීනෙන් මගෙ රටේ නිදියන හැම රෑම . . !!!
No comments:
Post a Comment