Wednesday 3 December 2014

මා දුටු සොඳුරු අලස් මැතිතුමා

පසුගිය සතියේ අප රටේ පහල වූ අද්විතීය අධ්‍යාපන විශාරදයකු වන අලස් මහතාගේ  වාර්ෂික පින්කම් යෙදී තිබුනා. බොහෝ දෙනෙකු ඔහු හඳුනන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඔහු පෙන්වූවා වූ ඔහුගේ පරිණත දැනුම් සම්භාරය නිසාය.  නමුදු  ඉන් ඔබ්බට ගිය  අලස් මැතිතුමා ඔහුගේ සියලු කාර්ය මණ්ඩලයට ආදරණීය පියෙක්, සුහද මිතුරෙක්, සොඳුරු ආඥාදායකයෙක්  වයස් ගත වුවද විටෙක  තරුණයෙක්. ඔහු පිලිබඳ මගේ මතකය වසර විස්සකට පමණ පෙර සිට  පැවත එන්නක්.  
දේවී බාලිකා විදු  පියසින් සිප් සතර හදාරන අවදියේ එදා අපට නිසි ශ්‍රවනාගාර පහසුකම්  තිබුනේ නැහැ . එවන් විටක පාසලේ වාර්ෂික ත්යාගප්රදානොත්සවයට බොහොම සතුටින් අපි යන්නේ  අලස් මැතිතුමාගේ අපේ සහෝදර ඩී. එස්  විදුහලේ ආර්.අය් .ටී . අලස් ශ්‍රවනාගාරයට. ඔහු පිලිබඳ බොහෝ අසා තිබුනාට අපේ සහෝදර පාසලට ගිය විට ඔහුගේ ප්‍රතාපවත් පරිපාලනය එතුමා එදවස පාසලේ නොසිටියා වුවද පාසල් බිත්ති පවා එය සාක්කි දැරුවා.
ඉන් වසර ගණනාවකට පසු  එදවස මගේ පළමු වසර ප්‍රතිපල අපේක්ෂාවෙන් පසුවෙමින් සිටිමින් ගේට්වේ ආයතනයයේ පරිගණක අංශයට සම්බන්ද වෙන්න පළමු සම්මුඛ පරීක්ෂණයට මා යන්නේ එතුමා ලඟට. ඔහු පැවසුවේ මෙපමණය්. ඔබට රැකියාවක් ජීවිතේ  ඔනෑම කාලයකදී  කළ හැකිය් , නමුත් ඉගෙන ගන්න කාලයේ ඉගෙන ගන්න. ඉන් පසුව රැකියාවට එන්න.      ඉන් පැහැදුන මා යලි එතුමන් ළඟටම ගියේ පළමු වසර අවසන් කර . එදා මෙදා තුර එතුමා යනු කවරෙක්ද ඔහුගේ සොඳුරු බව යලි යලි පසක් කලෙමි. ඔහු බරපතල අසනීප තත්වයෙන් පසුවුවත් ආයතනයේ රාත්රී සාදවල පසුදාට පහන් වන තෙක් අප සමග සංගීතයෙන් සහ නැටුමින් ආශ්වාදය ලබමින් නොනිදා සිටියේ වරක් දෙවරක් නොවේ . එසේම වරක් අපේ ටැලන්ට් ශෝ එකකදී අනධ්‍යයනකාර්ය මණ්ඩලයේ චන්ද්රසේන අන්කල් ඔවුන්ගේ නාටයෙන් පසුව "මේ උපහාරය අපේ ලෝකයේ රජ්ජුරුවෝ වන අලස් මහත්යයාටය්" යනුවෙන් කල නිර්ව්‍යාජ ප්‍රකාශය තවමත් මතකය්. කාර්ය මන්ඩලයේ සාමාජිකයන්ගේ විවාහ උත්සව වලට යෑම තම පරම යුතුකමක් ලෙස සැලකු එතුමා කෙතරම් දුර කතර ගෙවා වුව සඳහා සහභාගී වීම සුලබ දසුනක්. දුවේ පුතේ යනුවෙන් අප කාර්ය මණ්ඩලය අමතන එතුමා අප සැමටම  සෙනෙහෙබර පියෙක්මෙවන් සොඳුරු මතක රැසක් ඇති අලස් මැතිතුමනි  ඔබට සුබ ගමන්…

ඔහුගේ උපන්  දින සුබ පැතුමකට  මා ලියූ පැදි පෙළක් පරිගණකයේ තිබී හමුවුවා 

To Sir with Love,
You are the Compass
Which shows the right path,
You are the Sun
Which lighten our days,
You are the Moon
Which tender all of us,
You are the Melody
Which all whisper,
You are the blue ocean
Which is boundless,

Words are not enough Sir
You are simply the Best Inspirational….

No comments:

Post a Comment