Saturday 13 December 2014

හිරුනිකා vs ගම්මන්පිල්ල

මේ දවස්වල මුහුණු පොතේ උඩ පහළ යද්දී අහන දකින ඒවා නිසා අමුතුවෙන් කොමඩි චිත්‍රපටි බලන්නට කිසිදු අවශ්‍යතාවයක් නැත. අපේ ජුගුප්සාජනක දේශපාලනයේ කළු සුදු සිද්දි දාමයක් ඉන්දියානු මෙගා නාට්‍යයක් මෙන් නොමිලයේ  දිගහැරෙමින් පවතී. විටෙක සිංහයා තවත් මොහොතකින් බලු වෙයි. එසේම බලු චරිතය මොහොතින් සිංහ චරිතයක් වෙයි. දේශපාලකයන්ගේ ප්‍රතිපත්ති කෙසේ වෙතත් ඔවුන්ගේ පැටිකිරියම එක මොහොතකින් උණු උණු පුවත් මවයි. තවත්ලොකුම විහිළුවක් වන්නේ ඔවුන් කන බොන අඳින පළදින විලාශය සංසන්දනය කරමින් කරනා දේශපාලනයයි.

 "ඈත බිකිනියකින් යාන්තම් වැසී ගිය හිරුණිකා යැ... මෑත සිංහල ජාතික ඇඳුමෙන් සැරසී සිටින ගම්මන්පිලයන් යැ."
"ඈත කාමයෙන් මත්වැ ගිය යවටක් වැනි ඇස් ඇති හිරුණිකා යැ... මෑත තම ඡන්ද දායකයන්වත් තම දරුවන් සේම දකින කාරුණික ගම්මන්පිල යැ."
"ඈත රුපියල් ඩොලර් වලට තම ශරීරය පමණක් නොව ආත්මය පවා විකුණන හිරුණිකා යැ... මෑත තනතුරු තානාන්තර පවා අතහරිමින් ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටින ගම්මන්පිල යැ."
"ඈත මගේ තාත්ති, තාත්ති වෙනුවෙන් මම ඈ කියමින් තාත්තාව විකුණන් කන හිරුණිකායැ... මෑත තම ප්‍රතිපත්ති ප්‍රකාශය පවසමින් මතවාදීව කරුණු දක්වන ගම්මන්පිළ යැ."
"ඈත බැලු බැලූවන් ගොං කෑල්ල, බඩුව යයි කියැවෙන හිරුණිකා යැ. මෑත බැලු බැලූවන් ජයවේවා! තෙරුවන් සරණයි! යැයි කියවෙන ගම්මන්පිල යැ."
"එවේලෙහි හිරුණිකා ලංවත්ම ඡන්ද දායකයෝ ලෙයෙහි අත්ගසන්නට වන්හැ... හෝව් හෝව් වැරදුනා, අත්ගසන්නට වන්හැ. බලාසිටියැ නොහෙම්හ යි මුහුණින් හෙන්නට වන්හැ."
- හිරුණිකා දමනය -
මෙය අද මුහුණු පොතේ දුටු හොඳම විහිළුවකි. එයට සම්බන්ද  කර තිබූ පින්තුර ඊට හපන් විහිළුවකි. හිරුනිකාගේ හෝ ගම්මන්පිල්ලගේ දේශපාලන සදාචාරය පිලිබඳ මම සඳහන් නොකරන්නේ එය මේ දිනවල යහමින් කරලියේ දිග හැරෙන බැවිනි. එහෙත් තරුණ ස්ත්‍රියක් සහ මැදි වයස් පිරිමියෙක් අවස්ථා දෙකකදී ගත්  සේයා රූ ඔවුන්ගේ ඇඳුමින් සසඳා කරන දේශපාලන විහිලුව කෙතරම් හාස්‍යජනකද ? හිරුණිකා බිකිනියක් ඇන්දේ එක්සත් රාජධානියේ තරුණ නිරුපන තරගයකටය; මෙම අවස්තාවම තරුණ ගම්මන්පිල්ලට මීට දශක කිහිපයකට පෙර උදාවුනානම් ඔහුද 6 පැක් පෙනෙන ලෙස යටි කය පමණක් අගල් කිහිපයකින් වැසෙන කලිසමක් අඳිනු ඇත. මෙය හරියට සිංහල සදාචාරය දඩමීමා කරගෙන සුසන්තිකා ඔලිම්පික් අඳින බිකිනිය දෙස සාවද්‍ය දෘෂ්ටියකින් බලා ඇය විවේචනය කිරීමක් හා සමාන අවස්ථාවක් නොවේද? හිරුණිකාගේ අවස්ථාවට, වයසට, සිරුරේ හැඩයට උචිත ලෙස ඇඳීම දෙස වපරැසකින් බලා ඇයගේ දේශපාලනය විවේචනය කිරීම කෙතරම් මන්ද මානසිකත්වයකින් කරන්නාවූ  බාල බොළඳ ක්‍රියාවක් නොවේද? අප කවදානම් මෙම පටු මානසිකත්වයෙන් මිදී නිදහස් චින්තනයකට ගමන් කරයිද ?

Friday 12 December 2014

සිය රට දේ සිරි සැප දේ...


අපේ වත්ත පහළ කොස් ගස් වලින් නොමිලයේම අපේ මුළු ගමටම කොස්, පොලොස්, වරකා, වැල ගෙඩි සපයනවා. දානයකට, මගුල්  ගෙදරකට, මළ ගෙදරකට, දොලදුකකට, වන්දනා ගමනකට, විශේෂ කෑමකට ආදී එකී නොකී බොහෝ අවශ්‍යතා උදෙසා තුන්සිය හැටපස් දවසම අපේ ගමේ කොස් ගස් පොදු වස්තූන්.  ඒ විතරක්  නෙවෙයි අච්චාරුවකට, මැල්ලුමකට ගමේ පැපොල් ගස් ඕනැම මොහොතක ඕනෑම හිතවතකුට විවෘතයි. ගෙවත්තේ ඉබේ වැවෙන ගොටුකොළ,  මුකුණුවැන්න, සාරණ, තම්පලා, නිවිති වගේ එකී නොකී බොහෝ එළවලු, පලතුරු, පලා වර්ග අදටත් අපේ ගම්වල කිසිදු සාත්තුවකින් තොරව සත පහක්වත් නොගෙන ඔබ අප සැමගේ ක්ෂුදාගින්න සනහනවා. 

මා මේ පූර්විකාව ලියන්නේ කාලයක් තිස්සේ අනේ අපොයි කියමින් කරන  නොවැලක්විය හැකි වියදම් නිසයි. විදෙස් ගතව සිටින අපට අපේ රටේ එළවලු පලතුරු බොහොම අගෙයි. සුපිරි  වෙළඳසලේ අපේ පොලොස්, දෙල්, තිබ්බටු, කොහිල, ගොටුකොල, මුකුණුවැන්න, වරකා, වැල් දොඩම් දකිද්දී ඇතිවෙන්නේ කලක පටන් දන්නා හඳුනන හිතවතෙකු දුටුවිට දැනෙන ලෙන්ගතුකමක්. මමත් ඉතින් බොහොම ආසාවෙන් මේවා ගන්නවා. අරගෙන අපේ විදිහට උයා  පිහා ගන්නවා. එහෙත් ඉතින් අස්ප ගණන්. මේ තියෙන්නේ එහෙම ගත්ත අපේ ගණනින් රුපියල් 285ක් වන පොලොස් රාජෝත්තමයෙක්, රු 146 කට ගත්ත වැල් දොඩම් ගෙඩි තුනත්, රු 350 ගත්ත පැපොල් කුමාරිත්. වරකා මදුළු 10ක් රු 350 වගේ වෙනවා. මේවා දැක්ක මුල්ම දවස්වල මට හිතුනේ අපේ වත්ත පිටියේ දේවල් මෙහාට වික්කනම් අපි දැන් ට්‍රිලියනපතියෝ නේද කියා.අපේ ගස් වල තියෙද්දීම  සත්තුන්ට දන් දෙන, ගස් යට ඔහේ නරක්වන කොස්, වරකා , වැල ගෙඩි දකිද්දී මෙහෙම අනිවාරතේ අපේ දේවල් වලට වියදම් කරද්දී දුකයි තමා, හැබැයි කීයක් දීලා හරි අපේ ලාංකීය අම රස බොජුන් වලදද්දී දැනෙන සතුට මිල කළ නොහැකියි.
 සිය රට දේ සිරි සැප දේ කියන්නේ කට කහනවට නෙවෙයි නේ... 
   
 නන්දා මාලිනියගේ භාවාතිශය ගීතයක් වන හීනෙන් මගෙ රටේ නිදියන හැම රෑම . . මේ මොහොතේ සිහිපත් වෙනවා. අඩු වැඩි වශයෙන් එය ඔබ අප බොහෝ දෙනාගේ පොදු සිතිවිල්ලක් නොවේද ?
විලක් උනත් නිල් දිය පිරි විලක් නොවේ -  මලක් උනත් සුවඳක් ඇති මලක් නොවේ
සඳක් උනත් පසලොස්වක සඳක් නොවේ - රටක් උනත් මගෙ රට වැනි රටක් නොවේ

නෑවත් වතුර මල යට ඉඳ නළ වතුර - තාමත් සිතින් කිමිදෙමි ගගදිය අතර
කීවත් ගීත මැදපෙරදිග මරු කතර - කාටත් හොරෙන් කියවෙයි පැල් කවි නිතර

සායෙන් හඬන දූ දරුවන් උදෙසාම - ආයෙම් මෙහෙවරට නොරටුන් ලඟ මෙහෙම
බානෙන් බැඳී සිටියත් යදියන් සේම හීනෙන් මගෙ රටේ නිදියන හැම රෑම . . !!!

Wednesday 10 December 2014

සමන් දෙවි හාමුදුරුවනේ...

සුබාගේ සුබ කතා නම් මගේ බ්ලොගයේ මම  පළ කරන්න හිතුවේ සුබ කතා විතරයි. එහෙත් අද මුහුණු පොතේ දුටු සේයාරු දෙකක් නිසා නිසල  සිත මොහොතකට  සසල වුණා. සුමන සමන් දෙවියන්ගේ සිරිපා අඩවිය කරුණාව  ඔබ අප සියලු දෙනාට  වචනයෙන් පැවසිය  නොහැකි අපූර්ව  අත්දැකීමක්. සිරිපා මලුව වාරයේ මෙන්ම අවාරයේද මාර්ග කිහිපයකින්ම කරුණා කර බෙහෙවින් සුන්දර මතක රැසක් පොදී බැඳගෙන මම ඉන්නේ. එමෙන්ම වාර්ෂික පොලිතින් ඉවත් කිරීමේ පුණ් කර්මයටද  දායක වී හිත පහදා ගෙන ඉන්නේ. නල්ලතන්නියේ මකර තොරණ අසබඩ අනිල් අය්යාගේ වන ජීවී කාර්යාලය අපේ    නිවහන වුනේ වරක් දෙවරක් නොවේවරක් එහි සිට උඩ  මලුව දක්වාම සීතලේ ගැහෙමින් සුළගෙන් වැස්සෙන් මදි නොකියන්න බැට කමින් ජංගම දුරකතනේ එළියෙන් කරුණා කරපු අන්දම තාමත් මතකයි. ලංකාව පුරා විසිරී සිටින වයස්, ජාති, ආගම් සීමා මායිම්  නොමැතිව බැතිමතුන් සීත ගඟුලින් නාලා පිරිසිදු වෙලා හද බැතියෙන් කරුණා කරන්නේ.  එත් මොන දුක් ගැහට විඳගෙන හරි උඩ  මළුවට ගියාම ගතට සිතට දැනෙන ශාන්තිය අමුතුම හැගීමක්. ඉර සේවය පහන් සිතින් නරඹා මුළු මලුවම එකම සාදු කාරයෙන් නාද වෙද්දී දිව්‍යලෝක දසුන් හාත්පස නරඹමින් ඔබ අප සිත් ආනන්දයෙන් කුල්මත් වෙනවා සත්තකයි.

සිරිපා වාරය ගිය සතියෙන් ඇරඹුනා. මැජික් ක්‍රමයකින් කුණු ඉවත් කිරීමේ නවතම වැඩසටහනකුත් දකින්න පුළුවන් මෙවර සිරිපා කරුණා කළාම. මේවා ක්‍රියාත්මක කරන අයගේ උපතින් මොලය හිසේ පිහිටියාට දැන් නම් පශ්චාත් භාගයට බැස ඇති බව පැහැදිලියි. එසේම වෙනදා නොදුටු විස්සුක දසුනක් උඩ මළුවට ඇතුලුවෙන තැන මෙදා පාර තියෙන හැඩය්. එක දැකලා තමයි මම දැනගත්තේ සිරිපා මළුවට බුදු රදුන් පමණක් නොව මිහිඳු මහා රජාත් ජනාදිපතිවරනයට වැඩල කියල.  පක්ෂ, පාට බේදයකින් තොරව අපේ මිනිස්සු කවදාද සිතින් අධ්‍යත්මිකව දියුණු වන්නේ. 
මේවා දැක්කහම අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා සමන් දෙවි හාමුදුරුවනේ...


Monday 8 December 2014

සිහින සොලොසක් මැද....

දඹදිව රාජ්‍ය විචාල කොසොල් රජතුමා නියම රාජ්‍ය පරිපාලකයෙක් බව බොදු ඉතිහාස  පොත් පත සාක්කි දරනවා. දවසේ රාජකීය මෙහෙවර නිමාකර සිරි යහනේ සැතපිලා නිදි සුව විඳිනා සිටිනා විට දුටු අමුතු හීන සහ ඒවාට  බුදු රදුන් දුන්  අර්ථ කතන බොහෝ දෙනෙක් අසා ඇති. කලකට පෙර සහෘදයකුගෙන් ලද විද්‍යුත් තැපෑලකත් තිබුණ අද මුහුණු පොතේ උඩ  පහල යනවිටත් දුටු විස්තරාත්මක සිහින දහසය ඔබ අප සැමගේ දැනුවත් වීම පිණිස පල කරන්න හිතුනා.  එසේම එක්තරා අන්දමකට මෙම සිහින දහසයම විසි හතර පැයම ඔබ අපි අහනවා, දකිනවා, විදිනවා නොවේද? මෙම අපූරු පින්තුර සිත්තම් කළ සහ පලකළ පුද්ගලයන්ට පින්!.

 






 




 


 




Friday 5 December 2014

සර්ගේ සුදුසුකම් මොනවද?

මගේ තාත්තා බොහොම අපූරු චරිතයක්. සියුම් උපහාසාත්මකව තව කෙනෙක් අසන ගොන් ප්රශ්න වලට  පොළො පලාගෙන යන්නට සිතෙන ලෙස පිළිතුරු දීමේ කලාව මා අත් පොත් තැබුවේ මගේ තාත්තාගෙන්. මේ එහෙම සිද්දි දෙකක්. මගේ තාත්තාගේ පළමු ගුරු පත්වීම ගාල්ලේ රිච්මන්ඩ්  විදුහලේ උසස්පෙළ පන්තියට. පන්තියේ හිටපු ඇට්ටර කොල්ලෝ ටික තාත්තාව මඩවන්න හිතාගෙන පාඩමට කලින් තාත්තාගෙන් ප්රශ්න කීපයක් අහලා.
කොල්ලෙක් : සර් ලංකාවේ හොඳම පාසලකටම වෙනි පත්වීම අරගෙන ඇවිත් AL අපට උගන්නන්න සර්ට තියෙන සුදුසුකම් මොනවද?
තාත්තා : ළමයෝ මගේ ගම දෙනියාය. එහෙදී මම  මීහරක් පට්ටියක් බලා ගත්තා. මට එතන අවුරුදු කීපයකම අත්දැකීම් තියෙනවා.
කොල්ලෝ සෙට් එක )(*&^%$#@)(*&^%$ වුනාලු.
මෙහෙම නොන්ඩි වෙලා  නැති කොල්ලෝ ටික බැලුවාලු වෙන විදිහක්. ඊට පස්සේ වෙන කොල්ලෙක් : සර් ගවයා තණ යි කියන වාක්යයේ බහු වචන වාක්යයය  මොකද්ද ?
අලුත් සර්ව මේ ප්රශ්නයෙන් චක බ්ලාස් කළා කියලා හිතාගෙන කොල්ලෝ ටික මාර සතුටින් බලාගෙන හිටියලු.
යි ළමයෝ ගවයා දෙකම යි. එකවත් නැද්ද තමුන් AL පන්තියට ඇවිල්ලත්.
පළවෙනි දවසෙන්ම අලුත් සර් මහ අමාරුකාරයෙක් කියලා දැනගත්ත කොල්ලෝ ටික එදායින් පස්සේ සරෙන්ඩර්ලු. 

ආදර තාත්තේ ආයෙත් මේවගේ කතා අහන්න මම ඉස්සරහ පඩියට වෙලා බලාගෙන ඉන්නවා. සත්තයි මේ සංසාරයේ අපි ආයෙත් හමුවෙනවා....



Thursday 4 December 2014

මගේ ලෝකයේ හිරුත් සඳුත් ඔබයි

බොහොමයක් දෙනෙකුට සීතල උඳුවප් මාසය බෙහෙවින් උණුසුම් හැඟුම් ඇති කරවන මාසයක්වාර්ෂික බෝනස්, වසර අග සවාරිකෙළවරක් නැති නත්තල් සාද, මීවිතත් සංගීතයත් නැටුමත් මුසු වුන ඩිනර් ඩාන්ස් ආදී එකී නොකී කාරනා නිසා උදුවප් මාසය බොහොම ජය සතුට පිරුන කාලයක්. එත් මේ සීතල උඳුවප් මාසය මට සිරුර පුරා විදුලියක් මෙන් දිවයන මතක සහිත දුක්බර මාසයක්මගේ ලෝකයේ මා දුටු ආදරණීයම මහා වීරවරයා මගේ තාත්තා මටත් නොකියාම යන්න ගියේ  මීට වසර අටකට පෙර උඳුවප් මාසයේ.
මගේ තාත්තා සහ මා අතර අවබෝදය ඇතිවී තිබෙන්නේ මා කලලයක්ව මගේ ආදර අම්මගේ කුස තුල වැඩෙද්දීමයි . නක්ෂත් විද්යාවේ මහා පරිනත චරිතයක් වූ මගේ තාත්තා මා ඉපදෙන දිනය බොහෝ කලින් පවසා ඇත්තේ දොස්තර මහතා දුන් දවස සාවද් කරමින්. මගේ ජන්ම නැකත බලා මා නිසා තාත්තගේ වසර විස්සක ගුරු සේවා රැකියාව නැති වන බව දැන ගෙන උපේක්ෂාවෙන් බලා සිටි අන්දම ඔහුගේ ඔඩොක්කුවේ මා තබාගෙන පසු කලෙක මා සමග පැවසුවා. ඔහුගේ අනාවැකිය සපථ කරමින් මා ඉපදී සතියකින් මගේ තාත්තා විබාග දෙපාර්තුමේන්තුවේ රහස් අංශයේ මුල් පුටුවට ගිය අන්දමත් එදා සිට පොඩ්ඩී නිසා මට හරි වාසනාවන් යනුවෙන් බොහෝ විට පැවසුවා. එම අදහසින්ම ඔහු තැබූ මගේ නම වාසනාව දෝතින් රැගෙන පැමිණි යහපත් වචන පවසන අරුත්ගැන්වුවාඅනන්ත අප්රමා වාරයක් ඔහුගේ තුරුල්ලේ සුරතල් වන්නටත්, එක්දහස් වාර ගණනාවක් ඔහුගේ පිට දිගේ මගේ පා පොඩි තබමින් යන්නටත්, නිමක් නොමැති සිප් සතර ඔහුගෙන් ආභාශය ලබන්නටත් මා වාසනාවන්ත වුවා.
තාත්තා පිලිබඳ මගේ සිතේ පවතින අසමාන ආදර ක්තියත්  තාත්තාට මා පිලිබඳ තිබුණාවූ විශ්වාසයත් පවසන්නට එකම එක සිද්දියක් සිහි පත් වෙයි  . එදවස දේවි බාලිකා විදු පියසේ පැවති දෙමාපිය රැස්වීමකට පැමිණ මැඩම් මට මගේ දුවගේ  වැඩ ගැන දැන ගන්න ඔයාලගෙන් අහන්න එන්න ඕනේ නැහැනේ මම එයාව හොඳට දන්නවා ලංකාවේ තියෙන හොඳම බාලිකා පාසලක ඉගැන්වීමේ කටයුතු වල අඩු පාඩුවකුත් නැහැනේ. ඉතින් මම මීට පස්සේ මේ රැස්වීම් වලට නිතර එන්නේ යන්නේ නැහැ යනුවෙන් පාසල් ගුරුතුමියන්ටත් විදුහල් පතිනියටත් පවසා ගිහින්. ඔහුගේ එම සිංහ ප්රකාශය මා පිලිබඳ සියල්ලන්ගේම ආදරයට විශ්වාසයට තවත් රුකුල් දුන්නා මතකය්. අනේක වාරයක් අනේක කරුණු විටෙක බෙහෙවින් සරලවද තවත් විටෙක ඔහු සතු ඉතිහාස,ආගමික, නක්ෂත්,වාස්තු, හස්ත රේකා විෂයානු කරුණුද  සංස්කෘත, පාලි, සිංහල, ඉංග්රීසි, දෙමල  භාෂා සම්බන්ද ගැටළුද අප බොහෝ විට සාකච්චා කළා. එසේම ජීවිතයේ ඉතා වටිනාම පාඩම් රැසක් මා ඔහුගෙන් ආදර්ශයට ගත්තා.
මගේ ප්‍රථම විදේශ  NCC  සේවාව  අතර මගදී තාත්තා බලන්නට ට්‍රාන්සිට් එකකින් Dubai ගොස් Dubai ගුවන්තොටුපලේදී අයහපත් කාලගුණය නිසා සිදුවූ ගුවන් ගමන් ප්‍රමාදයෙන් අතරමන් වෙන්න  ඔන්න මෙන්න තිබියදීත්  කෙසේ හෝ මම ලංකාවට ආවා. තාත්තගේ ආදර පොඩ්ඩිගේ ආගමනයත් තාත්තාගේ නිසල දේහයේ ආගමනයත් එකම මොහොතක සිදු වීම මා බෙහෙවින් සසල කර වුවක්. මගේ ආදර තාත්තා මට නොකියා හදිසියේම යන්න ගිහින්. ඔබට සුබ ගමනක් ආදර තාත්තේ. මේ සසර දනව්වේ අපි ආයෙත් මුණ ගැසේවි. එත් හදවතේ ගැඹුරුම තැනින් ඔහු පිලිබඳ සෙනෙහස භක්තිය නිබඳවම මා ප්රකම්පනය කරනවා.