Wednesday 11 January 2017

රැජින

සීතල දුරුත්ත සිරුර පුරා හී සර විදිමින් පොරෝණය තුළ  ගුලිවෙලා ඉන්න  ආරාධනා කරනවා. එහෙත් සිත උණුසුම්  කල හැකි අපූරු නවකතාවක් තරම් දිව්‍යමය ඔසුවක් මේ හීතලේ තවත් කොහෙන්  හොයා ගන්නද? එක හුස්මට කියවා අහවර කළ 'රැජින' නවකතාව  මෑත කාලයේ මා කියවූ අපූරු සවුන්දර්යාත්මක සිතුවමක්.
ඉතිහාසයයක් ගැන නොවිමසා වර්තමානයක් අනාගතයක් ගැන කෙසේ උදම් අන්නනටද?
එහෙත් ඉතිහාස අටුවා ටීකා වල සත්‍යයට වඩා ප්‍රබන්දයට, ජනප්‍රිය සම්මතයට මුල් තැන දෙන බැවින් අනුලා බිසවට මහා අසාධාරණයක් අපේ ඉතිහාසය විසින්  කර ඇති බැව් රැජින කියවූ ඔබට දැනෙන බව නිසැකයි. අනුලා බිසවගේ හිත ඇයගේ අහිංසක ආදරය සහ සැහසි රාජ පාලනය අතර  විටින් විට දෝලනය වුවත් අවසානයේ ඇගේ ආදරය විසින්ම ඇයව විනාසය කරා ගෙනයනවා. සරල සුගම භාෂාවකින් පාඨක චිත්ත සන්තානයේ සිතුවම් මවමින් මනා ලෙස පබැඳු රැජින ඔබ අනිවාර්යයෙන්ම කියවිය යුතු ආශ්වාදනීය සාහිත්‍ය කතිකාවක්.
එසේම රැජින වෙනුවෙන් නිපදවූ කෙටි චිත්‍රපටය අපේ සාහිත්‍ය නවමු මාවතකට ගෙනයනවා. මොහාන් රාජ් මඩවල සොඳුරු ගත්  කතුවරයා ස්වකීය ග්‍රන්ථයෙන්  ඔබ මා වසර දෙතුන් දහසක් පැරණි අපේ ලක් ඉතිහාසයට මෙන්ම මිසර ඉතිහාසයට කැන්දා සිත් ආනන්දයට පමුණුවනවා.
විමසුම් ඇසින් බලන්න, රස විඳින්න, පරිකල්පනයේ නිම වළලු පුළුල් කරගන්න - කියවන්න රැජින 


No comments:

Post a Comment