බොහොම සුන්දර පින්තුර සිහිවටනයක් මුහුණු පොතේ අද උදැසනම දැකීමෙන් මගේ දවස සම්පූර්ණ වුණා.

මගෙත් මගේ ගමන් සගයා - දැන් ජීවන ගමන් සගයාගේ නඩේගුරා සංගමයේ පරිසර හිතැති මිතුරන්ගේ අතීත වැඩසටහන් හැමදාම ආනන්දනීය සිහිවටනයන්. නල්ලතන්නියේ ඔබලාගේ පරණ මුළුතැන්ගෙයි පොලිතින් සුද්දකරන්න ආපු අපේ නඩේ ගුරා කාණ්ඩයේ 30 දෙනෙකුට උයපු සුන්දර මතකයත් හිතේ බොහොම ලස්සනට හැමදාම තියෙනවා. එහෙම උයලා, හැමෝටම බෙදලා ඉවරවෙලා මමත් ඉතුරු වෙච්ච බත් හොදි ටිකක් කෑම උයපු මහා පතරංග වලඳකම අනාගෙන කෑවා. මෙන්න පැපරාසි අනිල් අය්යා ඇවිත් ඒ චායාරූපය අරගෙන මාව blakmail කරා කියමුකෝ. මෙවන් බොහොම රසබර මතක සාගරයක් සමගින් අපට පමණක් නොව නල්ලතන්නියේ අනිල් අය්යා බොහොමයක් පරිසරයට ලැදි මිතුරන්ට ඇවිදින පුස්තකාලයක් සොඳුරු මිතුරෙක් .
පරිසරයට, අපේ දරුවන්ට රටේ දරුවන්ට නුඹලා කරන මෙහෙය අමිලයි. නිතර හමු නොවුනත් නිතර කතා නොකලත් එදා පැවති බැඳීම එහෙමම හිත් අහසේ පායා තියෙනවා. ඔබ සැමට ජය වේවා!!!
No comments:
Post a Comment