ජුලියා කියන්නේ මගේ ලබැඳි මිතුරියකගේ හුරුබුහුටි දූ සිඟිත්ත. වයස අවුරුදු හයක්. ජීවයෙන් පිරී ඉතුරුණු ඇය පුංචි සුරංගනාවියක්. මගේ කතාවට ඇය
පාදක වන්නේ එදිනෙදා ජීවිතයේදී අපි නොසලකන සුළු දේවල් තව සමහරකෙකුට ලොකු දේවල් වෙන හැටි කියන්නයි. එක දවසක් උදේ පාන්දර මම හොඳටම
කාර්ය බහුල වෙලා තිබුනා රාජකාරී හේතු කීපයක් නිසා.
ජුලියා එදා හරිම රණ්ඩුවක් අල්ලලා අම්මා එක්ක හේතුව මම ඇයට සුබ උදෑසනක් නොකීම. මගේ හිතේ තිබ්බ වැඩත් එක්ක ඇයව මම දුටුවේ නැහැ, සමහරවිට දකින්නත් ඇති එත් එයත් එක්ක හිනා වෙලා සුබ පතන්න අමතක වෙන්න ඇති. කොහොමින් කොහොම හරි එදා හවස මම ජුලියාට sorry කියලා ඇත්ත පහදලා හුරතල් කළා. මේක හරිම පොඩි සිද්දියක් එහෙත් මේවගේ සුළු සුළු දේවල් නිසා නේද අපි අතර පුංචි පුංචි හිත අමනාපකම් ඇති වෙලා ලොකු ලොකු ගැටුම් වෙන්නේ. ඉතින් හොඳම දේ තමා නිතර බැරිනම් දවසේ යම් කාල වෙලාවක් හරි අපි වටේ ඉන්න අපිට ආදරේ කරන අය ගැන හිතා බලන එක, සලකන එක එයාලගේ ආදරේ අපිට මොන තරම් වටිනවද කියා ඒ අයට ඒත්තු ගැන්වීම.
No comments:
Post a Comment